Tuesday, April 12, 2011

වාසනව සහා උත්සහය

ගෙදර හිටිය නිසා කාලෙකට පස්සෙ දොරමඬලාව බලන්න පුළුවන් උනා. මගෙ වාසනවට මතෘකාව උනේ "වාසනව සහ උත්සහය". සාකච්චාවට ආපු මහාචාර්ය කාලෝ ෆොන්සෙකා "වාසනාව" ගැන අපූරු කතාවක් කිව්වා. කතාවෙන් ලොකු දෙයක් ඉගනගන්න පුලුවන් නිසා blog එකට දාන්න හිතුනා. මෙන්න මෙකයි කතාව.

එක්තරා චීන ගම්මානයක පියෙක් සහ පුතෙක් හිටියලු. මෙ දෙන්න ගාව හිටියලු ඉතාමත් වටින අශ්වයෙක්, මුලු චීනෙටම ඉන්නෙ ඒ වගෙ අශ්වයින් කිහිප දෙනයි.ඉතින් ගමෙ මිනිස්සු පියාව හමුවෙලා කිව්වලු ඔය දෙන්නා කොච්චරනම් වාසනාවන්තද කියල. ටික දවසකින් මෙ අශ්වයා කැලයට පැනලා ගියාලු. ගමෙ අය කියන්න ගත්තා මේක ඒ දෙන්නගෙ අවාසනාව කියලා. එත් ටික දවසකින් මෙ අශ්වයා කැලේ ඉන්න වල් අශ්වයන් කිහිප දෙනෙක් එක්ක අයෙත් ගෙදර අවා. ගමෙ මිනිස්සු කියන්න ගත්තා මෙ දෙන්නා කොච්චරනම් වාසනවන්තද නිකන් අශ්වයන් ගොඩක් ලැබුනනෙ කියලා.
දවසක් පුතා මෙ වල් අශ්වයින් ටික පුහුණු කරන්න ගත්තා අත්වැරදීමක් නිසා පුතා අශ්වයෙක් පිටින් බිමට වැටිලා කකුලක් කැඩුනා . ගමෙ මිනිස්සු කියන්න ගත්තා පියා කොච්චරනම් අවාසනවන්තද තමන්ට සලකන්න ඉඳපු එකම පුතා සදාකලික ලෙඩෙක් උන නේද කියලා. මෙහෙම කාලයක් ගියා , එත් එක පාරටම රටේ ලොකු යුද්ධයක් ඇති උනා සියලුම තරුණයින් රජතුමා විසින් බලෙන් හමුදාවට බඳව ගත්තා එත් මෙ අබාධිත පුතා එකෙන් බේරුනා. ගමේ මිනිස්සු කියන්න ගත්තා මේ පියා ගොඩක් වාසනාවන්ත කෙනෙක් කියල.
මේ කතාව අපිට ලොකු message එකක් දෙනවා.ඒ තමයි කවදාවත් කෙනෙක්ගෙ දැන් තියන තත්වයෙන් එයා වාසනාවන්තයෙක්ද අවාසනාවන්තයෙක්ද කියල තීරණය කරන්න බෑ. දැන් මහා අවසනාවන්තයෙක් වගේ පෙනෙන කෙනෙක් ඊලඟ මොහොතෙ ලෝකෙ ඉන්න ලොකුම වාසනවන්තයෙක් වෙන්න පුලුවන්.අපේ ජීවිත උඩුයටිකුරු කරන්න එක මොහොතක් හොඳටම ඇති. ඒ නිසා සදාකාලික උත්සහවන්තයෙක් වීම තමා වැදගත්ම දේ.